GCE Advanced Level ICT Past Papers

Structure of A/L ICT Exam Paper - උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්ණ පත්‍රයේ හැඩ‍ය
---------------------------------------------------------------------------------------------------------------------

ප්‍රශ්න පත්‍රය මූලික වශයෙන් කොටස් දෙකකින් සමන්විත වන අතර එය දින දෙකකදී ලබා දෙනු ලබයි. ඒ අනුව ලකුණු ලබා දීම පහත පරිදිය. (ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ ලබා දෙනු නොලබයි.)

 I. ප්‍රශ්න පත්‍රය - කාලය පැයි 2කි. බහුවරණ ප්‍රශ්න පත්‍රය මෙහි වරණ 5ක් සහිත ප්‍රශ්න 50 ක් පවතී. සෑම ප්‍රශ්නයක් සඳහා ම පිළිතුරු සැපයිය යුතු වේ. එක් ප්‍රශ්නයක් සඳහා ලකුණු 2ක් හිමි වේ. 

2 X 50 = 100

 II. ප්‍රශ්න පත්‍රය - කාලය පැයි 3. මෙහි A හා B ලෙස කොටස් දෙකකි.


    A කොටස -  ව්‍යුහගත රචනා ප්‍රශ්ණ

                    මෙම කොටසේ ප්‍රශ්න 4ක් ඇති අතර එම ප්‍රශ්න 4 ටම ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සැපයිය යුතුය. ඒ සඳහා සුදුසු ඉඩ ලබා දී ඇත. එම ප්‍රශ්න පත්‍ර කොටස අනිවාර්‍යයෙන් පිළිතුරු පත්‍රයට ඇමිනිය යුතු වේ.

    4 X 10 = 40

    B කොටස - රචනා ප්‍රශ්ණ 

මෙම කොටසේ ප්‍රශ්න 6ක් ඇති අතර එම ප්‍රශ්න වලින් 4කට පිළිතුරු සැපයිය යුතුය. ඒ සඳහා පිළිතුරු සැපයීමට ලබා දී ඇති පොත සහ අවශ්‍ය තරම් අමතර‍ කොළ ලබා ගත හැකිය.

    4 x 15 = 60


ප්‍රශ්න පත්‍රය
විස්තරය
ලකුණු
එකතුව
1 ප්‍රශ්න පත්‍රය බහුවරණ ප්‍රශ්න 50 1 ප්‍රශ්නයකට ලකුණු 2 2X50 = 100
2 ප්‍රශ්න පත්‍රය ව්‍යුහගත ප්‍රශ්ණ 4 1 කොටසකට ලකුණු 10 4X10 = 40
2 ප්‍රශ්න පත්‍රය 2වන ප්‍රශ්නයේ සිට 7තෙක් වන ප්‍රශ්න 6න් 4යි 1 ප්‍රශ්නයකට ලකුණු 10 4X15 = 60
සම්පූර්ණ ලකුණු 200
අවසාන ලකුණු 200/2 = 100

ලබාගත් ලකුණු අනුව ‍ ලැබෙන ශ්‍රේණිය පහත පරිදි ‍වේ.

75 - 100 - A ( Distinction Pass) විශිෂ්ට සාමාර්ථය
65 - 74   - B (Very Good Pass) අධිසම්මාන සාමාර්ථය
50 - 64  -C (Credit Pass) සම්මාන සාමාර්ථය
35 - 49  -S (Ordinary Pass) සාමාන්‍ය සාමාර්ථය
00 - 34  -F (Fail) අසමත්

---------------------------------------------------------------------------------------------------------------------

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement